Sunday, May 28, 2017

Windows වල නොදත් Tricks

/hihi කොහොමද කට්ටියටම ? මේ මහ විනාසයක් වෙලා තියෙන වෙලාවෙ හැමෝම හොඳින් කියල හිතනව. මේ මහ ව්‍යසනය ඉක්මනට ඉවර වෙන්නෙයි කියල අපි හැමෝම ප්‍රාර්තනා කරමු. ඔන්න එහෙනම් අද මම කියල දෙන්න යන්නෙ Windows වල තියෙන පොඩි පොඩි tricks ටිකක්. ඕනෙම windows එකක මේව වැඩ කරනව.



1. Command Prompt එක ඕන තැනක විවෘත කරමු.

      මුලින්ම CMD එක open කරගන්න ඕන තැනට යන්න. දැන් Shift එක ඔබාගෙන Right Click කරන්න. දැන් ඔයාට Open Command Window Here කියල එකක් පෙනෙයි. අන්න ඒක click කරාට පස්සෙ cmd එක එතන open වෙයි. දැන් cmd එකේ තියෙන path එක තමයි ඔයා ඉන්න තැන.



2. Send To list එක වැඩි කරගනිමු

     Send කරගන්න ඕන file එක උඩ Shift ඔබාගෙන Right Click කරන්න. ඪ්හැන් Send To එකට ගිහින් බලන්නකො තියෙන path ටික. කැමති තැනකට දැන් ඉතින් file එක යවන්න තමයි තියෙන්නෙ.



3. Calculator එකට වැරදුනේ කොහොමද ?

    මේකනම් ඇත්තටම කිව්වොත් trick එකක් නෙවෙයි. හැම cal එකේම වගේ මෙහෙම වෙනව. ඒත් මොකද කියන්න නම් දන්නෙ නෑ. මුලින්ම Calculator එක open කරගන්න. දැන් 4 වර්ගමූලය ගන්න. උත්තරේ 2 නෙ. දැන් ඒකෙන්ම 2ක් අඩු කරන්න. එන උත්තරේ බලන්නකො. මොකක් කරත් එහෙමයි



එහෙනම් අදට ඔච්චරයි. ඉක්මනටම තවත් මීට වඩා හොඳ පෝස්ට් එකක් අරන් එන්නම්. 

                                   එහෙනම් හැමෝටම සුබ දවසක් !/bye

No comments:

Post a Comment