Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts

Thursday, May 11, 2017

කැමති කැමති විදිහෙ cursor දාමුද ?

හලෝ කට්ටියටම ! ටික දවසක් ගියා නේද පෝස්ට් එකක් දාන්න බැරුව ? පොඩි පොඩි වැඩ වගයක් තිබ්බ. ඒකයි පරක්කු උනේ. දැන් කට්ටියටම හිතෙනව ඇති යකෝ මුට හැමදාම මොකක් හරි වැඩක්නෙ කියල. :D එහෙම තමයි ඉතින් ඉඳල ඉඳල Data ටිකක් හම්බුනහම. වල්පල් ඇති නේ...? අද කියල දෙන්න යන්නෙ ඕනෙම විදිහක cursor එකක් දාගන්න හැටි.



දැක්කනෙ වැඩේ ? ඒ වගේ වැඩක් කරන්න ආසාවක් තියෙනවනම් දිගටම කියවන්නකො.

මුලින්ම ඔයා කැමති cursor එකක් internet එකෙන් බාගන්න. මම නම් මේ ටික බාගත්තෙ මෙන්න මේ site එකෙන් තමයි.  Download කර ගත්තනම් මෙහෙම කරන්න.

මුලින්ම C: එකට ගිහින් Windows එකට යන්න. ඊට පස්සෙ Cursors එකට යන්න. "C:\Windows\Cursors"
දැන් අර බාගත්ත cursors ටික ඔය folder එකට කොපි කරගන්න.

දැන් ඉතින් තියෙන්නෙ Cursor එක තමන් කැමති කැමති විදිහට වෙනස් කරන එක තමයි. දන්නෙ නැති කට්ටිය බලන්නකො එහෙනම් කරන හැටි.

මුලින්ම Control Panel ගිහින් Mouse එකට යන්න. ඊට පස්සෙ Pointers කියන tab එකට ගිහින් වෙනස් කරන්න ඕනි එක click කරල Browse කියන බොත්තම ක්ලික් කරන්න. කැමති එක තෝරගෙන Save කරන්න.

ඔන්න එහෙනම් අදට පෝස්ට් එක ඉවරයි. තවත් පට්ට පෝස්ට් එකක් අරගෙන් ඉක්මනටම එනව.
                                               එහෙනම් හැමෝටම සුබ දවසක් !


Saturday, April 29, 2017

Windows වල wallpapers අලුත් කරමු

/hihi කාලෙකින් එහෙනම් ඔන්න අලුත් ලිපියක් අරන් ආව. අලුත් blog එකක් හද හද හිටපු නිසා පොඩ්ඩක් පරක්කු උනා. කට්ටියම ගිහින් පොඩ්ඩක් බලන්නකො ඒක. Link එක ඇති comment section එකේ. කට්ටියම දන්නව ඇතිනෙ wallpapers වෙනස් කරන්න. ඒත් මේ වගේ දෙයක් දැකල තියෙනවද ?


වැඩේ පැහැදිලියිනෙ ? එහෙනම් පටන් ගමු !

මුලින්ම ඔයාගෙ C: Drive එකට යන්න. දැන් එතන තියෙන Windows කියන folder එකට යන්න. ඊකට ගියාට පස්සෙ Web කියල තව folder එකක් ඇති. ඒකට ගියානෙ ? ඔන්න දැන් Wallpaper කියන ෆොල්ඩරේට යන්න. දැන් ඉතින් කැමති පිස්සුවක් නටාගන්න. අලුත් folders හදන්න, තියෙන ඊව වලට අලුත් පින්තූර දාන්න ඕන එකක් පුලුවන්.
                         

                මෙච්චර වටින වැඩ කෑල්ලක් දීලත් comment එකක් දාල යන්න බැරිද ?
                                                          /please


Sunday, March 26, 2017

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?



එහෙනම් මම ඔන්න ආයෙත් ආව. හැබැයි ඉතින් හිස් අතින් එහෙම නෙවෙයි. හුගක් කට්ටිය වැඩිය දන්නෙ නැති පොඩි trick එකකුත් එක්ක. මම මගේ කලින් post එකේදි කිවුව මේ game එක ගහන්නෙ කොහොමද කියල. ඒක කියෙව්වෙ නැත්නං මෙතනින් ගිහින් කියවන්නකෝ.

Saturday, March 25, 2017

Google Chromeවල සැගවුනු Game !



ඔයගොල්ලන්ගෙන් Google Chrome පාවිච්චි කරන්නෙ කවුද? අනිව ඔය හැමෝම පාවිච්චි කරනව ඇති! පාවිච්චි කරන්නෙ නැත්නං ඉතින් බොරුවට චොර වෙන්නෙ නැතුව ෂේප් එකේ මාරු වෙලා යන්න. මොකෝ, Google Chrome පාවිච්චි කරන්නෙ නැත්නං වැඩක් තියේයැ?

trex_runner


ඔයගොල්ලො Google Chrome එකට internet නැති වෙලාවක ගියාම අනිවාර්යයෙන්ම මේ Dinosaur ව දකිනව ඇතිනේ... එතකොට ඉතින් ඔයාලට එකසිය ගානට නගිනවත් ඇතිනේ.... 😠 මොකෝ, internet වැඩ නෑනැ. ඒත් මේ ලස්සන Dinosaur යාලුවගෙන් පොඩි game එකක් ගහන්න පුලුවන් කියල දන්නෙ කවුද? ඔයාල දන්නෙ නැත්නම් මෙන්න මෙහෙමයි මේ game එක ගහන්නෙ !

Friday, March 24, 2017

CMD එකෙන් Star Wars IV බලමුද?

කොහොමද ඉතින් කට්ටියටම? ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම මම සිකුරාද ආව මගේ පලවෙනි පෝස්ට් එකත් එක්ක. මේ පෝස්ට් එකෙන් නම් ඔයාලට පට්ට fun එකක් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ CMD වලින් කොහොමද Star Wars IV බලන්නෙ කියල.