වැඩි කතා ඕනෙ නෑ. කෙලින්ම වැඩේට බහිමු මොකද security කියන්නෙ කල් දාන්න ඕන එකක් නෙවෙයි. ඔබ භාවිතා කරන්නෙ Skype Desktop version එක නම් ඔයාගෙ පරිගනකය තියෙන්නෙ අනතුරක. Skype update tool එකේ තියෙන අඩුපාඩුවකින් ඔයාගෙ පරිගණකයේ පාලනය අනවශ්‍ය කට්ටිය අතට පත්වෙන්න පුලුවන්. කොහොම නමුත් Microsoft සමාගම, කියන විදිහට මේකට patch එකක් එන පාටක් නෑ. හැබැයි ඔයා පාවිච්චි කරන්නෙ Windows Store එකේ තියෙන Skype එක නම් අවුලක් නෑ.
Skype එකට වෙලා තියෙන්නෙ මොකක්ද ?
ඇත්තම කිව්වොත් Skype එකේ නෙවෙයි වරද තියෙන්නෙ. Skype එක update කිරිල්ලෙ තමයි වැරැද්ද තියෙන්නෙ. Skype update tool එක DLL hijacking වලට යොදාගන්න පුලුවන්ලු. සරලව කිව්වොත් Skype update tool එකට අවශ්‍ය dll files ලබා ගන්නෙ Temp Folder එකෙන්. හැබැයි ඒ යොදාගන්න dll file එකක් ඕන කෙනෙකුට ඕනි විදිහට ලියල replace කරල තියන්න පුලුවන්. එතකොට ඉතින් update කරනකොට ඒවත් run වෙලා හෙන කෙලියක් වෙනවයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ...
Microsoft සමාගම කියන විදිහට මේකට patch එකක් නිකුත් කරන එකක් නෑ. ඒ වෙනුවට මේ වැරැද්ද හදල අලුතින් skype version එකක් නිකුත් කරනව කියල තමයි කියල තියෙන්නෙ.
විසඳුම : Skype එකේ Windows Store version එක පාවිච්චි කරන්න.
Skype කියල search කරල බලන්න. ඒකෙ යටින් ඇති "Trusted Microsoft Store app" කියල. එහෙම තියෙනවනම් ඒක Windows Store version එක.
Skype Windows Store version එකේ අතුරු මුහුනත මෙන්න මේ වගේ.
ඔයාගෙ Skype එකත් මේ වගේ නම් බය වෙන්න දෙයක් නෑ.
ඔන්න එහෙනම් ඔයාලට මම Security warning එකක් දුන්න. මම හිතාගෙන හිටියෙ වෙන post එකක් දාන්න. ඒත් මේක දැන දැනගත්ත ගමන්ම මේ පෝස්ට් එක දාන්න හිතුව. අද ලිපියෙ පොඩ්ඩක් වැඩියෙන් ඉංග්‍රීසි තියෙන්න ඇති. කලබලෙන් ලියපු එකක්නෙ. කොහොම වුනත් හැමෝටම මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාන්න.
No comments:
Post a Comment