Thursday, January 18, 2018

Ubuntu වලට කර ගැහුවෙමි.



/hihi හලෝ...! කට්ටියටම කොහොමද ? 2018 හොඳ ඇති කියල හිතනව. කොහොමහරි ඉතින් පළවෙනි මාසෙන් භාගයක් විතරත් ගෙවිල ගිහින්. කොහොමින් හරි ඉතින් කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එක පැත්තට ආව. බලනකොටයි දැක්කෙ 2017 අගෝස්තුවලින් පස්සෙ මොකක්වත් පෝස්ට් එකක් දාල නෑ කියල. ඇත්තම කිව්වොත් මේ පෝස්ට් එකත් ලියන්න හිටියෙ සතියකට විතර කලින්. එක එක වැඩ තිබ්බ නිසා පොඩ්ඩක් කල් දාන්න වුනා. අලුත් අවුරුද්දෙ පලවෙනි ලිපිය නිසා අලුත් දෙයක් දෙන්න ඕනෙ කියල හිතුන. ඔන්න ඒක හින්ද අලුත් OS එකක්ම උස්සං ආව.


ඔය අලුත් OS එක තමයි Ubuntu. හැමෝම එක එක දේවල් කියන හින්ද මාත් හිතුව පොඩ්ඩක් ඔලුව දාල බලන්න. ඔන්න ඉතින් හෙන බයෙන් බයෙන් dual boot කරා Ubuntu එකත් දාල. යන්තං ඉතින් වැඩේ ගොඩ දාගත්ත මොකුත් අලාභ හානියක් නොකර. පොඩ්ඩක් ඉතින් එහාට මෙහාට කරල බැලුව OS එක කොහොමද කියල, කියන්න තරම් වරදක් නෑ ඉතින්.


Ubuntu කියන්නෙ බොහෝ දුරට Command Line Interface OS එකක් කියල කියන්න පුලුවන්. මොකද Windows, Mac වගේ ඔක්කෝටම එක එක GUI මෘදුකාංග නෑ. ගොඩක් දේවල් කරන්න තියෙන්නෙ Command Line එකෙන්, නැත්නම් Terminal එකෙන්. උදාහරනයක් විදිහට ඔයාට git එක install කරගන්න ඕනෙ නම් "sudo apt-get install git" කියන විධානය run කරන එක.


Ubuntu වලින් windows වල කරගන්න බැරි ගොඩක් වැඩ කරගන්න පුලුවන්. ඒ කිව්වෙ ඔය system file වෙනස් කරන්න, ඔය අහුමුලු වල තියෙන features හොයාගන්න වගේ ගොඩක් දේවල් පුලුවන්. Ubuntu වල ආරක්ශාවත් ගොඩක් හොදයි කියල දාල තිබ්බ තැන් තැන්වල. ඒ වගේම පරිගණකයේ resources manage කිරීමත් හොඳට තියෙනව. හොඳම දේ ඉතින් ඔන්න අන්තිමටම ඉතිරි කරගත්ත. Ubuntu FREE download කරගන්න පුලුවන් ඒගොල්ලන්ගෙ official site එකෙන්.


කොහොමත් ඉතින් windows වලට පුරුදුවෙච්ච කට්ටියට නම් මේක අල්ලන එකක් නෑ. ටික දවසක් පාවිච්චි කරහම නම් කට්ටියට ආස හිතෙයි Ubuntu පාවිච්චි කරන්න. එහෙනම් ඉතින් අදට මෙපමණයි. :p
ආයෙත් හොඳ ලිපියකින් හම්බවෙමු.

 එහෙනම් හැමෝටම සුභ දවසක් !
/bye  

2 comments:

  1. මෙන්න කට්ටියටම Ubuntu ඉගෙනගන්න හොඳ site එකක්.
    https://linuxjourney.com/

    ReplyDelete