වැඩි කතා ඕනෙ නෑ. කෙලින්ම වැඩේට බහිමු මොකද security කියන්නෙ කල් දාන්න ඕන එකක් නෙවෙයි. ඔබ භාවිතා කරන්නෙ Skype Desktop version එක නම් ඔයාගෙ පරිගනකය තියෙන්නෙ අනතුරක. Skype update tool එකේ තියෙන අඩුපාඩුවකින් ඔයාගෙ පරිගණකයේ පාලනය අනවශ්‍ය කට්ටිය අතට පත්වෙන්න පුලුවන්. කොහොම නමුත් Microsoft සමාගම, කියන විදිහට මේකට patch එකක් එන පාටක් නෑ. හැබැයි ඔයා පාවිච්චි කරන්නෙ Windows Store එකේ තියෙන Skype එක නම් අවුලක් නෑ.
Pariganaka Rahas | පරිගණක රහස්
පරිගණක ගැන ඔබ නොදත් සියලු තතු
Friday, February 23, 2018
Thursday, January 18, 2018
Ubuntu වලට කර ගැහුවෙමි.
/hihi හලෝ...! කට්ටියටම කොහොමද ? 2018 හොඳ ඇති කියල හිතනව. කොහොමහරි ඉතින් පළවෙනි මාසෙන් භාගයක් විතරත් ගෙවිල ගිහින්. කොහොමින් හරි ඉතින් කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එක පැත්තට ආව. බලනකොටයි දැක්කෙ 2017 අගෝස්තුවලින් පස්සෙ මොකක්වත් පෝස්ට් එකක් දාල නෑ කියල. ඇත්තම කිව්වොත් මේ පෝස්ට් එකත් ලියන්න හිටියෙ සතියකට විතර කලින්. එක එක වැඩ තිබ්බ නිසා පොඩ්ඩක් කල් දාන්න වුනා. අලුත් අවුරුද්දෙ පලවෙනි ලිපිය නිසා අලුත් දෙයක් දෙන්න ඕනෙ කියල හිතුන. ඔන්න ඒක හින්ද අලුත් OS එකක්ම උස්සං ආව.
Monday, August 7, 2017
ඔබේම පණිවිඩ Encrypter/Decrypter මෘදුකාංගයක් සාදා ගන්නා හැටි

ඔන්න එහෙනම් ගොඩ කාලෙකින් අලුත් post එකක් ගෙනාව. විභාගෙ තිබ්බ හින්ද තමයි ඉතින් අලුතින් මොකුත් දෙන්න බැරි වුනේ. ඒව ගැන ඉතින් කතා කර කර ඉඳල වැඩක් නෑනෙ. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. අද මම කියල දෙන්න යන්නෙ Message Encrypter/Decrypter මෘදුකාංගයක් හදා ගන්න හැටි. මේකෙන් වෙන්නෙ ඔයා කැමති පණිවිඩයක් වෙන වෙන අකුරුවලට හරවන එක.එහෙමත් නැත්නම් Encrypt කරන එක. ඒක ආපහු කියවන්න පුලුවන් විදිහට හරවන්න ඕනෙ නම් ඒ කියන්නෙ Decrypt කරන්න ඕනෙ නම් ඔයා දාපු password එක ඕනෙ.
Thursday, June 29, 2017
Petya කියන්නෙ Ransomware එකක්ද ?
WannaCry එකට පස්සෙ ඔන්න ඉතින් තවත් Cyber Attack එකක්. මේ cyber security කාරයන්ට නම් මොන කෙහෙල්මලක් වෙලාද මන්ද. Wannacry එකට Kill Switch එකක් හොයා ගත්ත නිසා ආතල් එකේ හිටිය උන්ට ඔන්න ඉතින් තව වැඩක් set වෙලා. "Petya" තමයි කස්ටියට set වෙච්ච අලුත්ම වැඩේ. ඊයෙ පෙරේද ආපු එකක් මම දන්න විදිහට. ගොඩක් තැන්වල තිබ්බෙ Wannacry වගේම තවත් ransomware එකක් කියල. ඒත් පස්සෙ හොයා ගත්ත එහෙම නෙවෙයි කියල. එහෙනම් මේ මොකක්ද ? දිගටම කියවන්න.
Wednesday, June 21, 2017
Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම
හැමෝටම ආයුබොවන්! ඔන්න එහෙනම් අපි හැමෝම අහන්න කැමති දෙයක් ගැන කියන්න හිතුව. ඔව්, ඔය මාතෘකාවෙ තියෙන්නෙ. "Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux" !!!
Kali Linux කියල අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ Hack කරන්න පුලුවන් කියලනෙ. ඒත් ඉතින් මේක Hack කරන්න හදපු OS එකක් නෙවෙයි./floor මේක හදල තියෙන්නෙ system වල අඩුපාඩු එහෙමත් නැත්නම් vulnerabilities හොයන්න තමයි මේ මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නෙ./hmm මේකෙන් Hack කරන්න පුලුවන් කියන්නෙ මේකෙන් ගොඩක් system වල අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩු මාර්ගයෙන් තමයි hack කරන්න පුලුවන් වෙන්නෙ.
Subscribe to:
Posts (Atom)