වැඩි කතා ඕනෙ නෑ. කෙලින්ම වැඩේට බහිමු මොකද security කියන්නෙ කල් දාන්න ඕන එකක් නෙවෙයි. ඔබ භාවිතා කරන්නෙ Skype Desktop version එක නම් ඔයාගෙ පරිගනකය තියෙන්නෙ අනතුරක. Skype update tool එකේ තියෙන අඩුපාඩුවකින් ඔයාගෙ පරිගණකයේ පාලනය අනවශ්‍ය කට්ටිය අතට පත්වෙන්න පුලුවන්. කොහොම නමුත් Microsoft සමාගම, කියන විදිහට මේකට patch එකක් එන පාටක් නෑ. හැබැයි ඔයා පාවිච්චි කරන්නෙ Windows Store එකේ තියෙන Skype එක නම් අවුලක් නෑ.
Friday, February 23, 2018
Thursday, January 18, 2018
Ubuntu වලට කර ගැහුවෙමි.
/hihi හලෝ...! කට්ටියටම කොහොමද ? 2018 හොඳ ඇති කියල හිතනව. කොහොමහරි ඉතින් පළවෙනි මාසෙන් භාගයක් විතරත් ගෙවිල ගිහින්. කොහොමින් හරි ඉතින් කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එක පැත්තට ආව. බලනකොටයි දැක්කෙ 2017 අගෝස්තුවලින් පස්සෙ මොකක්වත් පෝස්ට් එකක් දාල නෑ කියල. ඇත්තම කිව්වොත් මේ පෝස්ට් එකත් ලියන්න හිටියෙ සතියකට විතර කලින්. එක එක වැඩ තිබ්බ නිසා පොඩ්ඩක් කල් දාන්න වුනා. අලුත් අවුරුද්දෙ පලවෙනි ලිපිය නිසා අලුත් දෙයක් දෙන්න ඕනෙ කියල හිතුන. ඔන්න ඒක හින්ද අලුත් OS එකක්ම උස්සං ආව.
Subscribe to:
Posts (Atom)