/hihi කට්ටියම virus ගැන අහල ඇතිනෙ? Virus වලට අපි හැමෝම ඉතින් මාර බයයිනෙ. ඒකනෙ ඉතින් ඔය හැමෝම තියෙන තරං හොදම virus guard දාගෙන ඉන්නෙ. ඒත් ඉතින් මේවට අහු වෙන්නෙ නැති virus තියෙනව. ඒ වගේ ඒව නම් අපිටත් හදන්න පුලුවන්. අද කියල දෙන්න යන්නෙත් ඒ වගේ එකක්. හැබැයි ඉතින් මේක fun virus එකක්. Computer එකට කිසි දෙයක් වෙන්නෙ නෑ.
Friday, March 31, 2017
කට්ටියම හදමුද fun virus එකක් ?
/hihi කට්ටියම virus ගැන අහල ඇතිනෙ? Virus වලට අපි හැමෝම ඉතින් මාර බයයිනෙ. ඒකනෙ ඉතින් ඔය හැමෝම තියෙන තරං හොදම virus guard දාගෙන ඉන්නෙ. ඒත් ඉතින් මේවට අහු වෙන්නෙ නැති virus තියෙනව. ඒ වගේ ඒව නම් අපිටත් හදන්න පුලුවන්. අද කියල දෙන්න යන්නෙත් ඒ වගේ එකක්. හැබැයි ඉතින් මේක fun virus එකක්. Computer එකට කිසි දෙයක් වෙන්නෙ නෑ.
Thursday, March 30, 2017
Keyboard, Mouse නැතුව කටහඩින් විතරක් computer එකෙන් වැඩ කරමුද?
ඔය උඩ ඉන්න අක්ක දිහා බල බල ඉන්නෙ නැතුව post එක කියවන්ඩෝ.....!
Desktop Wallpaper එකට play වන video එකක් දාමු!
හලෝ යාලුවනේ. මුලින්ම ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලනව ඊයෙ post එකක් දාන්න බැරි වුනාට. කොහෙද, ඊයෙ අකුණු ගගහ වැස්සනෙ මුලු දවසම !
ඔන්න එහෙනං තවත් සුපිරි වැඩක් ගෙනාව. ඔයගොල්ලො ඉතින් හැමදාම දකින desktop එක ලස්සන wallpaper එකක් එහෙම දාල තියාගන්න කැමතියි නෙ. ඒ වුනාට ඔයගොල්ලො කවද හරි හිතුවද desktop එකට play වෙන video එකක් දාන්න පුලුවන් වෙයි කියල ? එහෙනං මම පහල කියල තියෙන විදිහටම වැඩේ කරන්නකෝ...

ඔන්න එහෙනං තවත් සුපිරි වැඩක් ගෙනාව. ඔයගොල්ලො ඉතින් හැමදාම දකින desktop එක ලස්සන wallpaper එකක් එහෙම දාල තියාගන්න කැමතියි නෙ. ඒ වුනාට ඔයගොල්ලො කවද හරි හිතුවද desktop එකට play වෙන video එකක් දාන්න පුලුවන් වෙයි කියල ? එහෙනං මම පහල කියල තියෙන විදිහටම වැඩේ කරන්නකෝ...
Tuesday, March 28, 2017
නමක් නැති Folder එකක් හදමුද?
යන්තං ඉතින් අපෙ විභාගෙ නම් ඉවර උනා. දැන් ඉතින් ලකුනු දුන්නම තමයි වැඩේ අල වෙන්නෙ. සමහර විට මේ මගෙ අන්තිම පෝස්ට් ටික වෙන්නත් පුලුවන් :D සතුටු ඇති නේ මම මැරුනම මාරි බිස්කට් කන්න. බලාගෙන් හිටපියව් මම මැරෙනකන් දෙන්නම් මාරි බිස්කට්.. :P
අද ඉතින් මම පොඩ්ඩක් වෙනස් දෙයක් ඔයගොල්ලන්ට කියල දෙන්න හිතුව. ඔයගොල්ලො කවද හරි try කරල තියෙනවද නමක් නැති folder එකක් හදන්න? ඔයගොල්ලො ඉතින් කරන්න ඇත්තෙ මොකක්වත් type කරන්නෙ නැතුව ඉන්න එකනෙ. මමත් ඉතින් ඕක අනේක වාරයක් උත්සාහ කරල තියෙනව. ඒත් ඉතින් වැඩේ හරිගියේ නෑ.
Monday, March 27, 2017
Computer එක on වෙනකොට ඔයාගෙ නම කියන්න හදමුද?
ඔයගොල්ලන්ගෙ computer එක On කරහම ඔයාව සාදරයෙන් ආදරයෙන් නම එහෙම කියල පිලිගන්නවද? නැහැ නේ....! එහෙනම් අද මම කියල දෙන්නෙ computer එක ඔයාලට කැමති ඕනි බම්බුවක් on වෙනකොට කියන්න හදන හැටි. මෙන්න මෙහෙමයි එහෙනම් වැඩේ කරන්නෙ.
Sunday, March 26, 2017
Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?
එහෙනම් මම ඔන්න ආයෙත් ආව. හැබැයි ඉතින් හිස් අතින් එහෙම නෙවෙයි. හුගක් කට්ටිය වැඩිය දන්නෙ නැති පොඩි trick එකකුත් එක්ක. මම මගේ කලින් post එකේදි කිවුව මේ game එක ගහන්නෙ කොහොමද කියල. ඒක කියෙව්වෙ නැත්නං මෙතනින් ගිහින් කියවන්නකෝ.
Saturday, March 25, 2017
Google Chromeවල සැගවුනු Game !
ඔයගොල්ලන්ගෙන් Google Chrome පාවිච්චි කරන්නෙ කවුද? අනිව ඔය හැමෝම පාවිච්චි කරනව ඇති! පාවිච්චි කරන්නෙ නැත්නං ඉතින් බොරුවට චොර වෙන්නෙ නැතුව ෂේප් එකේ මාරු වෙලා යන්න. මොකෝ, Google Chrome පාවිච්චි කරන්නෙ නැත්නං වැඩක් තියේයැ?
ඔයගොල්ලො Google Chrome එකට internet නැති වෙලාවක ගියාම අනිවාර්යයෙන්ම මේ Dinosaur ව දකිනව ඇතිනේ... එතකොට ඉතින් ඔයාලට එකසිය ගානට නගිනවත් ඇතිනේ.... 😠 මොකෝ, internet වැඩ නෑනැ. ඒත් මේ ලස්සන Dinosaur යාලුවගෙන් පොඩි game එකක් ගහන්න පුලුවන් කියල දන්නෙ කවුද? ඔයාල දන්නෙ නැත්නම් මෙන්න මෙහෙමයි මේ game එක ගහන්නෙ !
Friday, March 24, 2017
CMD එකෙන් Star Wars IV බලමුද?
කොහොමද ඉතින් කට්ටියටම? ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම මම සිකුරාද ආව මගේ පලවෙනි පෝස්ට් එකත් එක්ක. මේ පෝස්ට් එකෙන් නම් ඔයාලට පට්ට fun එකක් ගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ CMD වලින් කොහොමද Star Wars IV බලන්නෙ කියල.
Wednesday, March 22, 2017
පරිගණක රහස් බ්ලොග් එකට සාදරයෙන් පිලිගනිමු !
හරි! මොකක්ද මේ පරිගණක රහස් බ්ලොග් එක? මේ බ්ලොග් එකෙන් ඔයාලට කම්පුටර් ගැන හුගක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි. කම්පුටර් ගැන විතරක් නෙවෙයි. Cyber Security ගැනත් පොඩ්ඩක් ඉගෙන ගන්න පුලුවන් වෙයි. දැන් ඔයාල බලනව ඇති මේ Cyber Security කියන්නෙ මොන ඉලවුවක්ද කියල. මම ඒව ගැන හෙමීට විස්තර කරන්නම් පස්සෙ.
මේ බ්ලොග් එක ඔයාලගෙ කම්පුටර් සම්බන්ද ගැටලු ගොඩකට උත්තර ඉක්මනටම ගෙනත් දෙයි. අයෙ ඔය ඉන්ගිරීසි tutorial බල බල අමාරුවෙ වැටෙන්න ඕනි නැහැ. (මම නම් අනන්තවත් එහෙම අමාරුවෙ වැටිල තියෙනව.) ඒ කොහොම උනත් ඔයාලට හිතෙනවනම් මේ බ්ලොග් එක හොදයි කියල හැමදාම මගෙ පොස්ට් බලන්න අමතක කරන්න එපා.
ඔය මොනව කිවුවත් සමහර කට්ටියට හරියන්නෙ English Tutorial විතරයිනෙ. ඒ නිසා මම ඉංග්‍රීසි බ්ලොග් එකකුත් හැදුව. ඒක නම් හැදුවෙ ටිකක් ඉස්සර. එකෙ නම් හුගක් පොස්ට් දාල ඇති. මම ඒ දාල තියෙන ඔක්කොම පොස්ට් ටික අපේ මේ පරිගණක රහස් බ්ලොග් එකට දාන්නම්.
ඔය ගොල්ලන්ට හිතෙනවනම් මේ බ්ලොග් එකට අලුත් design එකක් හරි ඔයගොල්ලො කැමති පොස්ට් එකක් හරි දාන්න ඔනෙ කියල ඉක්මනටම comment එකක් දාන්න. කැමතිනම් මට mail එකක් දාන්ඩ. හැබැයි ඉතින් ඔයාලට මගෙ Gmail එක හොයා ගන්න වෙනව. ඒකත් මේ පොස්ට් එකෙම ඇති. පුලුවන්නම් හොයා ගන්න. ඔන්න පොඩි challenge එකක්.
මට මේ බ්ලොග් එක හොදට දිගටම කරගෙන යන්න ඔයගොල්ලන්ගෙ උදවු ඕනි. ඉතින් ඔයාලටත් මගේ මේ බ්ලොග් එකට සප් එකක් දෙන්න පුලුවන්නම් comment එකක් දාන්න. එහෙනම් මම හිතනව ඔයාලට පරිගණක රහස් බ්ලොග් එක ගැන පොඩි අදහසක් එන්න ඇති කියල. කොහොම උනත් මට අලුත් පොස්ට් එකක් දාන වෙන්න මේ එන සිකුරාද තමයි. මට මේ දවස් ටිකේ exam. මේ පොස්ට් එක ලියන්නත් මම වෙලාව හොයාගත්තෙ බොහොම අමාරුවෙන්.
හරි, එහෙනම් එල පොස්ට් එකකින් සිකුරාද ඔයලව හමුවෙන්නම්! මගෙ gmail එක හොයාගන්න මම පොඩි ඉගියක් දෙන්නම්. ඔයාලට හැම දෙයක්ම පේනව ඇති. ඒත් නොපෙනෙන දේවලුත් තියෙනව. පොඩ්ඩක් Ctrl+A ඔබල බලන්නකො.
එහෙනම් හැමෝටම සුබ දවසක්!
teshan.tpk@gmail.com
Subscribe to:
Posts (Atom)