Thursday, March 30, 2017

Desktop Wallpaper එකට play වන video එකක් දාමු!

හලෝ යාලුවනේ. මුලින්ම ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලනව ඊයෙ post එකක් දාන්න බැරි වුනාට. කොහෙද, ඊයෙ අකුණු ගගහ වැස්සනෙ මුලු දවසම !



 ඔන්න එහෙනං තවත් සුපිරි වැඩක් ගෙනාව. ඔයගොල්ලො ඉතින් හැමදාම දකින desktop එක ලස්සන wallpaper එකක් එහෙම දාල තියාගන්න කැමතියි නෙ. ඒ වුනාට ඔයගොල්ලො කවද හරි හිතුවද desktop එකට play වෙන video එකක් දාන්න පුලුවන් වෙයි කියල ? එහෙනං මම පහල කියල තියෙන විදිහටම වැඩේ කරන්නකෝ...


මේ වැඩේට අපිට ඔනෙ වෙන්නෙ vlc player එකයි video එකකුයි විතරයි. vlc player 2.2.4 වත් තියෙන්න ඕනි. නැත්නං මෙන්න මෙතනට ගිහින් download කරගන්නකො.

දැන් ඔයා කැමති video එකක් vlc player එකේ open කරගන්නකො. ඊට පස්සෙ video ගිහින් set as wallpaper කියන එක click කරන්න.



දැන් vlc window එක minimize කරන්න. හැබැයි close කරන්න නං එපා. දැන් desktop එක බලන්නකො. කොහොමද? දැන් ඔයා අර play කරපු video එක desktop එකේ නේද ?



ඊලග පෝස්ට් එක මම අද හවසට වගේ දාන්නංකො. එහෙනං මම ගියා. හැමෝටම සුබ දවසක් !

No comments:

Post a Comment