Tuesday, March 28, 2017

නමක් නැති Folder එකක් හදමුද?

යන්තං ඉතින් අපෙ විභාගෙ නම් ඉවර උනා. දැන් ඉතින් ලකුනු දුන්නම තමයි වැඩේ අල වෙන්නෙ. සමහර විට මේ මගෙ අන්තිම පෝස්ට් ටික වෙන්නත් පුලුවන් :D සතුටු ඇති නේ මම මැරුනම මාරි බිස්කට් කන්න. බලාගෙන් හිටපියව් මම මැරෙනකන් දෙන්නම් මාරි බිස්කට්.. :P

අද ඉතින් මම පොඩ්ඩක් වෙනස් දෙයක් ඔයගොල්ලන්ට කියල දෙන්න හිතුව. ඔයගොල්ලො කවද හරි try කරල තියෙනවද නමක් නැති folder එකක් හදන්න? ඔයගොල්ලො ඉතින් කරන්න ඇත්තෙ මොකක්වත් type කරන්නෙ නැතුව ඉන්න එකනෙ. මමත් ඉතින් ඕක අනේක වාරයක් උත්සාහ කරල තියෙනව. ඒත් ඉතින් වැඩේ හරිගියේ නෑ.



මෙන්න මෙහෙමයි එහෙනම් නමක් නැති folder එකක් හදන්නෙ.

මුලින්ම folder එකක් හදන්න. 

දැන් rename ගිහින් folder එකේ නම delete කරන්න. 

ඊට පස්සෙ Alt ඔබාගෙන 0160 type කරන්න.

දැන් ඉතින් ඔයාගෙ නමක් නැති folder එක හැදිල ඉවරයි !



ඔන්න ඔහොමයි පුතෝ නමක් නැති folder එකක් හදන්නෙ. ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනොත් එහෙම comment එකකින් ඒක මට කියන්න. නැත්නං mail එකක් දාන්න. මෙන්න මෙතන මගේ gmail address එක ඇති. ඔන්න එහෙනම් මම ගියා. හැබැයි මම ආයෙත් ඉක්මනටම එනව.

                                                          හැමෝටම සුබ දවසක් ! 

No comments:

Post a Comment