Thursday, April 13, 2017

Hacker කෙනෙකු වෙන්නෙ කෙසේද?




ඔන්න ඉතින් අවුරුද්දත් අත ළඟ තියාගෙන මම අලුත් post එකක් ලියනව. ඊයෙ මම කිව්වනෙ Hacking Series එකේ දෙවෙනි පෝස්ට් එක අද දෙනව කියල. කලින් post එක කියෙව්වෙ නැත්නං මෙතනින් ගිහින් කියවන්න. ඔන්න එහෙනම් ඉතින් පොරොන්දු වුනු විදිහටම මම ඒ පෝස්ට් එක ගෙනාව. අද ඉතින් මම කියල දෙන්න යන්නෙ hacker කෙනෙක් වෙන්නෙ කොහොමද කියල. මොකක් හරි hack කරන්න ඉස්සෙල්ල ඒව ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕනෙනෙ. ඒ දැනුම ගන්න විදිහ තමයි මම කියල දෙන්න යන්නෙ. එහෙනම් කියවන්නකො...


කට්ටියම දන්නවනෙ දැන් Hacker කෙනෙක් කියන්නෙ කවුද ? කරන්නෙ මොනවද ? ඒ දේවල් කරන්න කොහොමද කියල. ඒත් ඉතින් කාටවත් ඉගෙනගන්නෙ නැතුව ඕව කරන්න බැහැනෙ. මුලින්ම මෙන්න මේව ගැන පොඩි දැනුමක් තියෙන්න ඕනෙ.

1. Programming Language ඉගෙනගන්න.



     ගොඩක් කට්ටිය කරන්නෙම නැති දෙයක් තමයි මේක. කට්ටිය හිතන් ඉන්නෙ ඔය ඕන තරම් software තියෙන්නෙ hack කරන්න. අපි මොකටද ඔය කෙහෙල්මල් ඉගෙනගන්නෙ කියල. ඔයත් අන්න ඒ වගේ හිතන මහා දාර්ශනිකයෙක් නං Hacker කෙනෙක් වෙන එක අත ඇරල දාන්න. :| Programming Language එකක් ඉගෙනගන්න එකේ වාසි තේරෙන්නෙ මේ අංශයෙන් ඉදිරියට යනකොට. Programming Language ගැන පොඩි හරි දැනුමක් නැත්නම් HTML වලින් පටන් ගන්න. ඊට පස්සෙ Python ඉගෙනගන්න. Python හොඳට තේරුම් ගත්තට පස්සෙ ඔයා කැමති language එකක් ඉගෙන ගන්න. මම නම් කියන්නෙ C Language එක කරන්න කියල.
      Programming Language ඉගෙනගන්න හොඳ website තමයි,

  1. Tech Rocket
  2. Code Academy
  3. W3 Schools - http://www.w3schools.in/  ,  http://www.w3schools.com/
  4. Learn Python
                              තව ඉතින් ඕන තරම් තැන් තියෙනව. පොඩ්ඩක් ඒවත් හොයල බලන්න.

2. Unix වැනි මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන්න.



       Windows තියාගෙනත් පොඩි පොඩි hack කිරිලි කරන්න පුලුවන්. ඒත් ඉතින් ඔයාට Real Hacker කෙනෙක් වෙන්න ඕනෙ නම් Unix වගේ OS එකකට හුරු වෙන්න වෙනව. ඒකෙත් Terminal එකට තමයි හුරු වෙන්න ඕනෙ. Terminal එක කියන්නෙ Windows වල CMD එක වගේ එකක්. Unix වලට උදාහරණ තමයි,

  • Linux
  • Ubuntu
  • Fedora
  • RedHat
  • Kali Linux
  • WifiSlax
             සහ මෙකී නොකී මෙහෙයුම් පද්ධති ගොඩක් තියෙනව. මුලින්ම Linux හෝ Ubuntu භාවිතා කරන්න. ඒව ටිකක් හුරු උනාට පස්සෙ කෙලින්ම Kali Linux එකට පනින්න. මේක Hack කරන්නම හදපු OS එකක්. WifiSlax එකත් එහෙමයි. ඒත් ඉතින් Kali Linux තරම් හරියන්නෙ නෑ.

3. Network ගැන ඉගෙනගන්න.

      

   Hackers ල බොහෝවිට ක්‍රියාත්මක වන්නෙ අන්තර්ජාලය මගින්. මේ නිසා networks ගැන හොඳ දැනුමක් ඕනෙ. IT ඉගෙනගන්න කට්ටියටනම් ඉතින් ඕක එච්චර අමාරු වැඩක් නෙවෙයිනෙ. Internet එකෙත් ගොඩක් හොඳ tutorial තියෙනව.


ඔය දේවල් ටික හොඳට ඉගෙන ගන්න. ඒත් ඉතින් එතනින් නවතින්නෙ නෑ. ඉගෙනගත්ත දේවල්වලින් හැම වෙලේම ප්‍රයෝජන ගන්න. අනික් අයටත් උදව් කරන්න. තමන් ඉගෙනගත්ත දේවල් පරීක්ෂා කරන්න. මෙන්න එහෙනම් තමන් ඉගෙනගත්ත දේවල් පරීක්ශා කරන්න website list එකක්ම.

හැම වෙලේම අලුත් දේවල් ඉගෙනගන්න. ඔයා ඉගෙනගන්න හැමදෙයක්ම hack කරද්දි වටිනව. තව දෙයක් තියෙනව, තාම මොකක්වත් Hack කරන්න යන්න එපා. මොකද ඔයා තවම hack කරන්න දන්නෙ නෑ.

:Dමම දැන් එල Hacker කෙනෙක් කියල හැක් කරන්න ගිහින් හිරේ ලගින්න උනොත් මම වග කියන්නෙ නෑ.:D

Hacker කෙනෙක් වෙන්න ඕනෙ කියල හිතාගෙන ඉස්කෝලෙ වැඩ නොකර computer එකේම ඇලිල ඉන්න එපා. ඔය නිවාඩු තියෙන වෙලාවක පොඩ්ඩක් ඉගෙනගන්න. මේ Hacking Series එක දිගටම අරන් යන්න මට ඔයාලගෙ උදව් ඕනෙ. Comment එකක් දාල පොඩි help එකක් දෙන්න. පුලුවන් තරම් share කරන්න.

හෙට post දාන්නෙ නෑ අවුරුද්දනේ....! ඔන්න එහෙනම් අදට මම ගියා.
ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !



No comments:

Post a Comment