Sunday, April 9, 2017

Password Protected Folder එකක් හදමු




කොහොමද කට්ටියටම? /hihi ගිය දවස් ටිකේ internet connection එකේ පොඩි අවුලක් තිබ්බ. ඒක තමයි post දාන්න බැරි වුනේ. හරි එහෙනම්, ඔන්න අද අලුත් post එකක් අරගෙන මම ආව. කට්ටියටම ඉතින් අනිත් අයගෙන් හංගන්න ඕනෙ එක එක දේවල් තියෙනවනෙ computer එකේ.:D ඒත් ඉතින් වැඩේ ලේසි නැහැ. ඔය කොහෙහරි අස්සක දැම්මත් ඉතින් අහු වෙනවනෙ. Password එකක් දාපු folder එකකට තමන්ගෙ රහස් ටික දාල තියන්න පුලුවන්නම් කොහොමද? වැඩි software ඕනෙ නෑ. පොඩි code එකක් විතරයි ඕනෙ. එහෙනම් බලමුකො වැඩේ කරගන්න හැටි.


මුලින්ම notepad එක open කරගන්න. ඊට පස්සෙ මම පහල දීල තියෙන code එක notepad එකට paste කරගන්න.


  දැන් ඕක notepad එකේ paste කරගත්තට පස්සෙ Lock.bat කියල save කරගන්න. Lock කියන තැනට කැමති නමක් දාගන්න. ඒ උනාට .bat කියන extension එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ.



දැන් save කරගත්ත Locker.bat එක open කරගන්න. එතකොට එතන Secure කියල folder එකක් හැදෙයි. ඒකට ඔයා කැමති දෙයක් දාල අර Locker.bat එක open කරල y අකුර type කරල Enter ඔබන්න. දැන් අර Folder එක නැති වෙලා යයි.

ආයෙ අර hide වුනු folder එක open කරගන්න ඕනෙ නම් Locker.bat එක open කරල password එක දෙන්න. දැනට තියෙන password එක තමයි errorcode401 . එතකොට folder එක පෙනෙයි.

Password එක වෙනස් කරන්න ඕනෙ නම් ඔය code එකේ errorcode401 කියන එක හොයාගෙන ඔයා කැමති password එකක් දාල save කරන්න. වැඩේ කරද්දි මොකක්හරි ප්‍රශ්නක් ඇති වුනොත් පටස් ගාල comment  එකක් හරි mail එකක් හරි දාන්න.:)

එහෙනම් ඉතින් තවත් අලුත් post අරන් ඉක්මනටම එන්නම්. කට්ටියටම සුබ දවසක්!/bye

No comments:

Post a Comment