Wednesday, April 5, 2017

Hacker වරු යනු කවුද?




/hihi හුඟ කාලෙකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනානෙ. ඔන්න එහෙනං අද අපි හැමෝම හරිම කැමති දෙයක් ගැන මම කියල දෙන්න හිතුව. Hackers ල ගැන අපි හැමෝම අහල තියෙනවනෙ. ඇත්තටම මේගොල්ලො කවුද? කරන්නෙ මොනවද කියන එක හරියට දන්න කට්ටිය ටික දෙනයි ඉන්නෙ. ගොඩක් කට්ටිය හිතං ඉන්නෙ facebook account එකක් hack කරපු ගමං එයා hacker කෙනෙක් කියල. ඒකෙත් හැබැයි ඉතින් පැති 2 ක් තියෙනව. ඕව මම මේ පෝස්ට් එක කියවන අතරෙ කියල දෙන්නම්. එහෙනම් කට්ටියම ලෑස්ති වෙන්න මගේ පලවෙනි Hacking පොස්ට් එක කියවන්න.


Hack කිරීම යනු කුමක්ද?

   මේකට ගොඩක් අර්ථ තියෙනව dictionary එකේ. හැබැයි ඉතින් IT field එක පැත්තෙන් ගත්තොත් Hack කරනව කියන එකේ තේරුම තමයි පරිගණකය ආශ්‍රිත දත්ත අනවසරයෙන් ලබා ගැනීම. හැබැයි ඉතින් මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. හොරකමනේ...! :D

Hackerවරු කියන්නෙ කවුද?

  පරිගණකයට අනවසරයෙන් ඇතුලු වෙලා දත්ත සොරාගෙන ඒව තමන් කැමති පරිදි පාලනය කරන කට්ටිය කිව්වොත් හරි. (සරල අර්ථය) මේගොල්ලො කටයුතු කරන විදිහ අනුව මේගොල්ලංව ප්‍රදාන කොටස් 3 කට වෙන් කරන්න පුලුවන්.

  1. White Hat Hacker / සුදු තොප්පි හැකර්වරු
  2. Black Hat Hacker / කලු තොප්පි හැකර්වරු 
  3. Grey Hat Hacker / අළු තොප්පි හැකර්වරු
               මේ කට්ටිය තොප්පි වෙළෙන්දො එහෙම නෙවෙයි ඈ.... :D

White Hat Hacker හෙවත් සුදු තොප්පි හැකර්වරු



  මේ කට්ටිය නම් හරි හොඳ කට්ටිය. පරිගණක සහ ජාල ආරක්ෂක ප්‍රමුඛයන් විදිහට හඳුන්වන්න පුලුවන්. මොවුන් සිය දැනුම උපයෝගී කරගන්නෙ පරිගනකවල හා ජාලවල ආරක්ෂාව තහවුරු කරන්න. තවත් පද්ධතියකට අනවසරයෙන් ඇතුලුවෙන්නෙ තවත් පද්ධතියක් ආරක්ෂා කරන්න මිසක් තමන්ගෙ වාසියට නෙවෙයි.

Black Hat Hacker හෙවත් කලු තොප්පි හැකර්වරු

  

  මේගොල්ලො ගැන කෙටියෙන් කිවුවොත් White Hat Hackers ලගෙ අනික් පැත්ත. මේගොල්ලො පරිගණක වලට සහ ජාල වලට හොරෙං ඇතුලු වෙන්න නීති විරෝධී දේවල් කරන්න. පරිගණක ජාල අවුල් කරන්න, මුදල් උපයන්න, අනවසර දත්ත ලබා ගන්න වගේ දේවල් වලට තමයි Hack කරන්නෙ. මේ වගේ ගොඩක් කට්ටිය දැන් ඉන්නෙ හිරේ. :(

Grey Hat Hacker හෙවත් අළු තොප්පි හැකර්වරු

  

  ඉහත දෙපාර්ෂවයේම එකතුවක් ලෙස දැක්විය හැක. මේගොල්ලො ගැන කියන්න නම් පොඩ්ඩක් අමාරුයි. ඇත්තම කිවුවොත් මේගොල්ලො වැට උඩ ඉන්න කට්ටියක්. ඒ කිවුවෙ මෙයාල අනිත් අයටත් උදවු කරනව, තමගෙ වාසියටත් වැඩ කරනව. සාමාන්‍යයෙන් මේ කට්ටියට උඩ දෙන්න තරම් දැනුමක් නෑ.

Hack කිරීම සඳහා භාවිත වන ක්‍රම 


Social Engineering

මේකට නම් හැකින් ගැන දැනුමක් ඕනෙ නෑ. අනිත් අයව හොඳට රැවටීමේ හැකියාව තමයි ඕනෙ. මේකෙන් වෙන්නෙ කාගෙ හරි password වගේ දෙයක් එයාව රවට්ටල එයාගෙන්ම අහගන්න එක. මෙන්න මේ video එක බලන්නකො.

Shoulder Surfing

අනෙකාගේ මුර පදය දෙස රහසින් බලා සිට මුර පදය සොයා ගැනීම. (ගොන් හැකින් )

Keylogging

මේක නං දියුණු මට්ටමේ ක්‍රමයක්. මේ සඳහා හැක් කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ පරිගනකයට keylogger වැඩසටහනක් යවනු ලැබේ. එය මගින් එම පුද්ගලයා type කරන සෑම අකුරක්ම හැකර්වරයා වෙත යවනු ලැබේ.

Phishing Attack

යම් වෙබ් අඩවියක් ලෙස සෑදූ ව්‍යාජ වෙබ් අඩවියක් හැකර් විසින් සාදනු ලැබේ. එය යම් පුද්ගලයකු විවෘත කල විට ඔහුගේ දත්ත හැකර් වෙත ලැබේ. Facebook එහෙම මේ විදිහට hack කරන්න පුලුවන්. මේක තමයි අර මම මුලින් කියපු පැති 2 කේ අනික් පැත්ත. මේ වැඩේ කරන විදිහ පස්සෙ කියල දෙන්නම්.

ගොඩක් සංකීර්ණ ක්‍රම කීපයකුත් තියෙනව. මේව ඉතින් කරන්න පුලුවං hacking කලාවේ කෙල පැමිණි දක්ෂයන්ට තමයි. මෙන්න ඒ වගේ ක්‍රම කීපයක්.


  1. SQL Injection 
  2. XSS Cross Site Scripting
  3. Remote Administration Tools (RAT )
  4. Exploits
  5. Brute Force Attacks
ඔන්න එහෙනම් ඔයගොල්ලන්ට පොඩි අදහසක් එහෙම එන්න ඇති නේ Hacker කෙනෙක් වෙන්න. හැබැයි ඉතින් Black Hat වෙන්න හිතන්න එපා. අහු වුනොත් ඉතින් යකඩ පොලු ගණන් කර කර ඉන්න තමයි වෙන්නෙ.

ඔයගොල්ලන්ට මම ඉස්සරහට කියල දෙන්නම්කො ඔය පොඩි පොඩි hacking කෑලි ටිකක්. මුලින්ම කියන්න ඕනෙ wifi හරි facebook එකක් හරි ඔය software කෑල්ලකින් hack කරාට ඔයා හැකර් කෙනෙක් වෙන්නෙ නෑ. එල hacker කෙනෙක් වෙන විදිහ මම කියල දෙන්නම්කො.

මගේ මේ blog එක ගැන ඔයාගෙ යාලුවන්ට කියන්න හොඳේ....!/please එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක් ! 

/bye


  

4 comments:

  1. "මුලින්ම කියන්න ඕනෙ wifi හරි facebook එකක් හරි ඔය software කෑල්ලකින් hack කරාට ඔයා හැකර් කෙනෙක් වෙන්නෙ නෑ." මම දන්න විදිහට නම් එහෙම Software ඇත්තෙත් නෑ !

    ReplyDelete
  2. Replies
    1. ලඟදිම පෝස්ට් එකක් දාන්නම්

      Delete
  3. මේක ගැන තව ටිකක් පැල්හැදිලි කරන්න

    ReplyDelete