කොහොමද යාලුවනේ ? මගෙ පරිගණක රහස් බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නව ! ඕනෙම class එකකට ගිහාම ඒ sir හරි මිස් හරි හෙන දිග දේශනයක් දෙනවනෙ. ඉතින් ඒ සත් ගුනවත් ගුරුවරු වගේ මමත් පොඩි හැදින්වීමක් දෙන්නම් මේ බ්ලොග් එක ගැන.
හරි! මොකක්ද මේ පරිගණක රහස් බ්ලොග් එක? මේ බ්ලොග් එකෙන් ඔයාලට කම්පුටර් ගැන හුගක් දේවල් දැන ගන්න පුලුවන් වෙයි. කම්පුටර් ගැන විතරක් නෙවෙයි. Cyber Security ගැනත් පොඩ්ඩක් ඉගෙන ගන්න පුලුවන් වෙයි. දැන් ඔයාල බලනව ඇති මේ Cyber Security කියන්නෙ මොන ඉලවුවක්ද කියල. මම ඒව ගැන හෙමීට විස්තර කරන්නම් පස්සෙ.
මේ බ්ලොග් එක ඔයාලගෙ කම්පුටර් සම්බන්ද ගැටලු ගොඩකට උත්තර ඉක්මනටම ගෙනත් දෙයි. අයෙ ඔය ඉන්ගිරීසි tutorial බල බල අමාරුවෙ වැටෙන්න ඕනි නැහැ. (මම නම් අනන්තවත් එහෙම අමාරුවෙ වැටිල තියෙනව.) ඒ කොහොම උනත් ඔයාලට හිතෙනවනම් මේ බ්ලොග් එක හොදයි කියල හැමදාම මගෙ පොස්ට් බලන්න අමතක කරන්න එපා.
ඔය මොනව කිවුවත් සමහර කට්ටියට හරියන්නෙ English Tutorial විතරයිනෙ. ඒ නිසා මම
ඉංග්‍රීසි බ්ලොග් එකකුත් හැදුව. ඒක නම් හැදුවෙ ටිකක් ඉස්සර. එකෙ නම් හුගක් පොස්ට් දාල ඇති. මම ඒ දාල තියෙන ඔක්කොම පොස්ට් ටික අපේ මේ පරිගණක රහස් බ්ලොග් එකට දාන්නම්.
ඔය ගොල්ලන්ට හිතෙනවනම් මේ බ්ලොග් එකට අලුත් design එකක් හරි ඔයගොල්ලො කැමති පොස්ට් එකක් හරි දාන්න ඔනෙ කියල ඉක්මනටම comment එකක් දාන්න. කැමතිනම් මට mail එකක් දාන්ඩ. හැබැයි ඉතින් ඔයාලට මගෙ Gmail එක හොයා ගන්න වෙනව. ඒකත් මේ පොස්ට් එකෙම ඇති. පුලුවන්නම් හොයා ගන්න. ඔන්න පොඩි challenge එකක්.
මට මේ බ්ලොග් එක හොදට දිගටම කරගෙන යන්න ඔයගොල්ලන්ගෙ උදවු ඕනි. ඉතින් ඔයාලටත් මගේ මේ බ්ලොග් එකට සප් එකක් දෙන්න පුලුවන්නම් comment එකක් දාන්න. එහෙනම් මම හිතනව ඔයාලට පරිගණක රහස් බ්ලොග් එක ගැන පොඩි අදහසක් එන්න ඇති කියල. කොහොම උනත් මට අලුත් පොස්ට් එකක් දාන වෙන්න මේ එන සිකුරාද තමයි. මට මේ දවස් ටිකේ exam. මේ පොස්ට් එක ලියන්නත් මම වෙලාව හොයාගත්තෙ බොහොම අමාරුවෙන්.
හරි, එහෙනම් එල පොස්ට් එකකින් සිකුරාද ඔයලව හමුවෙන්නම්! මගෙ gmail එක හොයාගන්න මම පොඩි ඉගියක් දෙන්නම්. ඔයාලට හැම දෙයක්ම පේනව ඇති. ඒත් නොපෙනෙන දේවලුත් තියෙනව. පොඩ්ඩක් Ctrl+A ඔබල බලන්නකො.
එහෙනම් හැමෝටම සුබ දවසක්!
teshan.tpk@gmail.com